2026-08-25 08:58:00 Hours
කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි තත්ත්වය ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව මේ වනවිට නිරාකරණය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශ මත ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ සිදුකර ඇති අතර, එම ජලය නියමිත තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කිරීමෙන් අනතුරුව ජල සැපයුම යළි බෙදාහැරීම ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත්, ජල පවිත්‍රාගාර ආශ්‍රිත ප්‍රදේශවල ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
බත්තරමුල්ල, කෝට්ටේ, පාමංකඩ සහ නුගේගොඩ ඇතුළු ප්‍රදේශවල ජල සැපයුම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීමට යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරනවා.
පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය හා ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන මෙම පියවර සඳහා ජනතාවගේ සහයෝගය ලබාදෙන ලෙසද එම මණ්ඩලය ඉල්ලා සිටිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk