2026-09-03 21:34:00 Hours

අභියාචනාධිකරණයට නව විනිසුරුවරියක් දිවුරුම් දෙයි


...

ශ්‍රී ලංකා අභියාචනාධිකරණයේ නව විනිසුරුවරියක ලෙස සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක මෙනෙවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නිල වශයෙන් දිවුරුම් දී තිබෙනවා.

මෙම අවස්ථාව ජනාධිපති කාර්යාලීය පරිශ්‍රයේදී පැවති අතර, ජනාධිපති ලේකම්වරයාද ඊට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මීට පෙර අතිරේක සොලිසිටර් ජනරාල්වරියක ලෙස කටයුතු කළ සජීවනි දිල්කා ලක්මාලි කරුණානායක මෙනෙවිය, අභියාචනාධිකරණයේ පැවති පුරප්පාඩුවක් පිරවීම සඳහා නව විනිසුරුවරියක ලෙස පත්කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk