2026-09-03 08:50:00 Hours

22 වන සංශෝධනය - ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට අද පස්වරු 3.00 දක්වා කල් දෙයි


...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ගොනු කිරීම සඳහා අද (03) දිනයේ අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ අනුව, අද (03) පස්වරු 3.00ට පෙර අදාළ ලිඛිත දේශන ගොනු කරන ලෙස අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කර ඇති බව සඳහන්.

22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය ඊයේ (02) අවසන් කෙරුණා.

පෙත්සම් විභාගය අවසන් කරමින් විනිසුරු මඬුල්ල පෙත්සම්කරුවන්ට නියෝග කර තිබුණේ, අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් ඒවා අද (03) දිනය තුළ ගොනු කරන ලෙසයි.

මේ අතර, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් අධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බවද අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල සඳහන් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk