2026-09-04 08:09:00 Hours
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් ලබන සතියේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය වැඩසටහනේ හත්වන සමාලෝචනය සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙම නියෝජිතයින් දිවයිනට පැමිණීමට නියමිතයි.
ඒ අනුව, ඔවුන් ලබන 10 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා.
එම කාලය තුළදී ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික වර්ධනයන්, ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk