2026-09-03 09:34:00 Hours

ගල් අඟුරු අඩු වුවත් විදුලි කප්පාදුවක් අවශ්‍ය නැහැ - බලශක්ති අමාත්‍යාංශය


...

ගල් අඟුරු මගින් විදුලි උත්පාදනය සීමා කළ ද, ප්‍රමාණවත් පරිදි ජල විදුලි උත්පාදනය සිදුකරන බැවින් විදුලි සැපයුමට බාධාවක් එල්ල වී නොමැති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, ගල් අඟුරු සංචිත අවම වීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, ඉදිරියේදී ගල් අඟුරු නෞකා දෙකක් දිවයිනට ළඟාවීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව, පළමු ගල් අඟුරු නෞකාව හෙට (04) දිවයිනට පැමිණීමට නියමිත අතර, අනෙක් නෞකාව ලබන 12 වනදා පැමිණීමට නියමිතව තිබෙනවා.

එම නෞකාවලින් ගල් අඟුරු ගොඩබෑමෙන් අනතුරුව නොරොච්චෝලේ බලාගාරයේ ගල් අඟුරු මගින් විදුලි උත්පාදන කටයුතු යළි නිසි පරිදි සිදුකිරීමට පියවර ගන්නා බව ද අනුර කරුණාතිලක මහතා සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොමැති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk