2026-09-03 09:58:00 Hours
බොරැල්ල, වේළුවන ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, අදාළ ත්‍රිරෝද රථය කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ සිටම පොලිස් අණ නොතකා ධාවනය කර ඇති බවයි.
ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේදී එහි පුද්ගලයින් පස්දෙනෙකු සිට ඇති අතර, ඔවුන් සතුව තිබූ කඩු තුනක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම පුද්ගලයින් කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණ වී ඇති බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk