2026-09-04 17:52:00 Hours

BREAKING - නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි


...

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවලට අදාළව අල්ලස් කොමිසම මගින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොමිසම වෙත පැමිණ තිබුණා.

එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව නාමල් රාජපක්ෂ මහතා කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk