2026-09-06 12:31:00 Hours

ඩෙංගු මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළට - රෝගීන් 96,228ක්


...

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම ඒකකය සඳහන් කරන්නේ මේ වනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් 96,228 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

සැප්තැම්බර් මාසයේ ගත වූ මුල් දින 04 තුළ පමණක් ඩෙංගු රෝගීන් 737 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අදාළ දත්ත අනුව මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,964ක්.

ජුනි මාසයේදී රෝගීන් 21,533ක්, අගෝස්තු මාසයේදී 10,155ක්, මැයි මාසයේදී 8,590ක් සහ ජනවාරි මාසයේදී 7,866ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙනවා.

පළාත් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, සමස්ත රෝගීන්ගෙන් 52.84%ක් එනම් රෝගීන් 50,851ක් එම පළාතෙන් වාර්තා වී ඇත.

දකුණු පළාතෙන් ඩෙංගු රෝගීන් 13,950ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,818ක් වාර්තා වී ඇති අතර, සබරගමුව පළාතෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 7,925ක්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk