2026-09-07 09:49:00 Hours

ඉන්දියාවට මුහුදු මාර්ගයෙන් යාමට උත්සාහ කළ 13ක් අත්අඩංගුවට


...

මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට යාමට උත්සාහ කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පිරිස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යාමට උත්සාහ කර ඇති අතර, එහිදී ඉන්දීය රේගු නිලධාරීන් විසින් ඔවුන් නැවත මෙරටට හරවා එවා ඇති බව වාර්තා වනවා.

පසුව ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් එම පිරිස සිය භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කංකසන්තුරය පොලීසිය වෙත භාරදී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස කරුන්කොඩිත්තිව්, මාම්පිටිය, මැදවච්චිය, හල්දුම්මුල්ල, වැල්ලවාය, මොනරාගල, මාවඩිච්චේනෙයි, බලංගොඩ, ත්‍රිකුණාමලය, බදුල්ල සහ පොතුවිල් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් කංකසන්තුරය පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, ඔවුන් අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk