2026-08-12 08:23:00 Hours
සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ ප්‍රධානී ෂැං බිංනන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) පස්වරුවේ පැවැත්වුණා.
එහිදී කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගනිමින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ දූරදර්ශී වැඩපිළිවෙළ විදේශ ආයෝජන දිරිගැන්වීම සඳහා ප්‍රධාන සාධකයක් වී ඇති බව චීන සමාගමේ නියෝජිතයින් මෙහිදී පෙන්වා දී ඇත.
වත්මන් රජයේ වැඩපිළිවෙළ පිළිබඳ පවතින විශ්වාසය හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් විශාල ආයෝජන අවස්ථා රැගෙන ඒමට කටයුතු කරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
පුනර්ජනනීය බලශක්තිය, වෙළෙඳ හා සැපයුම් ක්ෂේත්‍රය සහ ඩිජිටල් තාක්ෂණය යන අංශවල ආයෝජන පුළුල් කිරීමටද චීන සමාගම උනන්දුවෙන් පසුවන බවයි එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
ශ්‍රී ලංකාව එම ක්ෂේත්‍රවල වැදගත් මධ්‍යස්ථානයක් බවට පත් කරමින් තවත් ආයෝජන ආකර්ෂණය කරගත හැකි බවද චීන නියෝජිතයින් පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම, ඉදිරි ආයෝජන ව්‍යාපෘති සඳහා සියයට 90ක දේශීය ශ්‍රම දායකත්වයක් ලබාගැනීමට අපේක්ෂා කරන බවත්, ඒ හරහා විශාල පිරිසකට රැකියා අවස්ථා උදාකර දිය හැකි බවත් චීන සමාගම් ප්‍රධානීන් සහතික වී ඇති බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk