2026-08-12 13:58:00 Hours

මහ නාහිමිවරු ජනපතිට යැවූ ලිපිය සුජීව ප්‍රසිද්ධ කරයි


...

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව උන්වහන්සේලාගේ මතය සම්බන්ධව ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් අද (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඔහු එහිදී සඳහන් කළේ අදාළ ලිපිය මඟින් ත්‍රෛනිකායික මහ නාහිමිවරු මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි.

"මේ ලිපිය හොයා ගන්නත් බැරුව තිබුණේ. යම් ආකාරයකින් මට ලිපිය ලැබුණා.මේ ලිපියේ උන්වහන්සේලා කෙලින්ම උන්වහන්සේලාට තේරෙනවා රට යන්නේ කොහාටද කියන එක.

වර්තමානය වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම දිවියට එළඹීමේ වයස පිළිවෙළින් අවුරුදු 63 හා 65 ලෙස දක්වා ඇත.

එම වයස් සීමාව ඉහළ නැංවීමට රජය මේ ආකාරයෙන් කටයුතු කිරීම සුදුසු නොවන බව අපගේ විශ්වාසයයි."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk