2026-09-07 20:05:00 Hours
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම්දී තිබෙනවා.
නාමල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බව සඳහන්.
ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස එම ලිපිය මගින් දැනුම්දී තිබෙනවා.
මේ අනුව නාමල් රාජපක්ෂ මහතා හෙට (08) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට ඉඩ ඇති බව වාර්තා වනවා.
පාර්ලිමේන්තුව හෙට (08) සිට ලබන 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලසක් ලබාගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය පසුගිය සැප්තැම්බර් 4 වැනිදා නියෝග කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk