2026-08-25 16:55:00 Hours
ත්‍රිරෝද රථ ධාවනය සඳහා අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
පසුගියදා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ප්‍රකාශ කර තිබුණේ ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කළා.
පාසල් අධ්‍යාපනය අතරමග නතර කළ පුද්ගලයින් සහ උසස් පෙළින් පසු අධ්‍යාපනය නතර කළ පිරිස් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් විවිධ ආයතන හා පුද්ගලයින්ගෙන් යෝජනා රැසක් ඉදිරිපත් වී ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.
ඔහු වැඩිදුරටත් කළේ එම යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණය රජය විසින් ගනු ඇති බවයි.
"පාසල් අධ්‍යාපනය අතරමග හැර ගියා හෝ උසස් පෙළින් පස්සේ පාසල් අධ්‍යාපනය නැවැත්වූ අය සහ සමහර කොටස් වෙත වෘත්තීය අධ්‍යාපනය ලබා දීම සම්බන්ධව සහ වෘත්තිය පුහුණුවක් ලබා දීම සම්බන්ධව විවිධ පුද්ගලයින්ගෙන්, විවිධ ආයතනවලින් යෝජනා ඇවිත් තියෙනවා.
ඒ සමහර යෝජනා ක්‍රියාත්මක වෙනවා ඔය කියන යෝජනාව තවමත් රජය සලකා බලලා නෑ. විවිධාකාර යෝජනා පිළිබඳව සාකච්ඡා වෙමින් පවතිනවා මේ වැඩපිළිවෙලවල්වලදී ඒ අයට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් නමුත් රජය තමයි අවසාන වශයෙන් තීන්දු කරනවා මොකක්ද කරන්නේ කියලා.
දැනට එහෙම වයස 40ද 50ද 60ද 30 ද කියලා එහෙම තීන්දුවක් රජය අරන් නෑ."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk