2026-09-18 20:42:00 Hours
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය 12 වැනිදා පැවති රැළියකදී සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්දැයි විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
ඒ, එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද (18) කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විසින් අදාළ රැළියේදී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය ඇතුළත් සංයුක්ත තැටියක් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.
එම ප්‍රකාශය හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්දැයි සොයා බලා විමර්ශනයක් සිදුකරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
එම ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk