2026-09-17 07:33:00 Hours
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළද, සියලුම කාර්යාල දුම්රියන් මේ වනවිට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය ගමනාගමන අධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා සඳහන් කළේ, එක් දුම්රියක් හැර අනෙකුත් සියලුම කාර්යාල දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබෙනවා.
ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 48ක වැඩ වර්ජනයක් ලෙස එය ආරම්භ කර ඇති බව සඳහන්.
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළද, අද (17) සියලුම දුම්රිය මාර්ගවල කාර්යාල දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය ගමනාගමන අධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා සඳහන් කළේ, එක් දුම්රියක් හැර අනෙකුත් සියලුම කාර්යාල දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
මේ අතර, දුම්රිය වර්ජනය ආරම්භ කිරීමට පෙර ඊයේ (16) පස්වරුවේ ද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.
ඒ හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයට පැමිණි මගීන් පීඩාවට පත්වුණා.
අද (17) පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 13ක්, හලාවත මාර්ගයේ ගමන්වාර 11ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම, ප්‍රධාන මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුම්රිය ගමන්වාර 15ක් ද, කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 7ක් ද ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබෙනවා.
ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 48ක වැඩ වර්ජනයක් ලෙස එය ආරම්භ කර ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk