2026-09-18 08:21:00 Hours
මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නැංවීම සහ ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා ස්ථාපනය කළ ශ්‍රී ලංකාවේ පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධතිය අද (18) ජනතා අයිතියට පත් කෙරෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වරාය, සිවිල් ගුවන් සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සහභාගීත්වයෙන් අනුරාධපුරයේදී මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිතයි.
මේ අතර, පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකළ “දියජනනි” පාවෙන සූර්ය බලශක්ති පද්ධතිය ද අද (18) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනවා.
මෙම ව්‍යාපෘති දෙකම මෙරට හරිත බලශක්ති නිෂ්පාදනය සහ බලශක්ති ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස සැලකෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk