2026-09-17 08:25:00 Hours
අමෙරිකාවේ උද්ධමනය පාලනය කර මිල ස්ථාවරත්වය ඇති කිරීමේ අරමුණින්, අමෙරිකානු මහ බැංකුව වන ෆෙඩරල් සංචිතය පොලී අනුපාතිකය සියයට 0.25කින් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව, සියයට 3.50ත් 3.75ත් අතර පැවති ෆෙඩරල් අරමුදල් පොලී අනුපාතික සීමාව සියයට 3.75ත් 4ත් අතර දක්වා ඉහළ නැංවීමට ෆෙඩරල් විවෘත වෙළඳපොළ කමිටුව තීරණය කර ඇති බව සඳහන්.
උද්ධමනය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දෙන ෆෙඩරල් සංචිතය සඳහන් කර ඇත්තේ, මෙම පියවර මගින් උද්ධමනය සියයට 2ක ඉලක්කය වෙත ගෙන ඒමට සහ මිල ස්ථාවරත්වය ඇති කිරීමට සහාය වනු ඇති බවයි.
සැප්තැම්බර් 15 සහ 16 යන දෙදින පැවති ෆෙඩරල් විවෘත වෙළඳපොළ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, ඡන්ද 12-0ක් ලෙස එය අනුමත කර තිබීම විශේෂත්වයක්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk