2026-09-18 21:06:00 Hours
අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය හෙට (19) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
ඒ සඳහා ලබාදී තිබූ වසරක පමණ සහන කාලය අදින් අවසන් වන බැවින්, හෙට සිට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන් සහ මගීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළා.
ඔහු පැවසුවේ ආසන පටි නොමැති රථ වාහන අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමටද හෙට සිට අවසර ලබා නොදෙන බවයි.
අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම වාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන්ද අනිවාර්යයෙන් ආසන පටි පැළඳිය යුතු බව පොලීසිය අවධාරණය කරනවා.
ආසන පටි නොපැළඳීම හේතුවෙන් රිය අනතුරුවලදී සිදුවන අවදානම ඉහළ යන බැවින් මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළා.
මෙම නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණ දඩ හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමණක් නොව, රියදුරන්ගේ සහ මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම බවද ඔහු පෙන්වා දෙනවා.
මේ අතර, ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය මීට වසරකට පමණ පෙර හඳුන්වා දුන්නද, ඇතැම් පැරණි වාහනවල නිෂ්පාදකයන් විසින් ආසන පටි සවිකර නොතිබීම හේතුවෙන් නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට සහන කාල ලබාදී තිබූ බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළා.
ඔහු කියා සිටියේ එම වාහනවල ආසන පටි සවිකර ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී ලබාදී තිබූ සහන කාලයද අදින් අවසන් වන බවයි.
ඒ අනුව හෙට සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලුම රථ වාහනවල රියදුරන් මෙන්ම සියලුම මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය බවත්, මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසිය දැනුවත් කර ඇති බවත් මංජුල කුලරත්න මහතා සඳහන් කළා.
තවදුරටත් සහන කාලය දීර්ඝ නොකරන බවත්, ආසන පටි සවිකර ගැනීම සඳහා වසරකට ආසන්න කාලයක් ලබාදී ඇති බැවින් තවත් සහන කාලයක් අවශ්‍ය නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk