2026-09-18 10:45:00 Hours

නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන එයි


...

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

ඒ, එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවතින අල්ලස් නඩුවකට අදාළවයි.

එම සිද්ධියේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක අල්ලස් මුදලක් ලබාගත් බවට එල්ල වූ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නාමල් රාජපක්ෂ මහතා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ ඔහු අද (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk