2026-09-21 18:22:00 Hours
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීම සඳහා රජය උපරිමයෙන් මැදිහත් වෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අනෝජන්ගේ දෙමාපියන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීයි.
නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ සම්බන්ධයෙන් මැදිහත් වන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව, සෞදි රජුගෙන් අනෝජන්ට සමාව ලබාදෙන ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලීමක් කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.
මේ අතර, අභියාචනා ඉදිරිපත් කිරීම ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වනවිට ගෙන ඇති නිල ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද අනෝජන්ගේ දෙමාපියන් දැනුවත් කර තිබෙනවා.
අනෝජන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයද සෞදි බලධාරීන් සමඟ රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අඛණ්ඩව කටයුතු කරන බව මීට පෙර සඳහන් කර තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk