2026-09-21 20:44 Hours
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
එහිදී අනෝජන් සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම ඉදිරියේදී ගත හැකි රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය පියවර පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අනෝජන් මහතා වෙනුවෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු වූ බවයි.
එමෙන්ම, සෞදි අරාබියේ අදාළ බලධාරීන් සමඟ අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සිදුකරමින් ඉදිරි කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් රජය දක්වන අවධානය අවධාරණය කළ ජනාධිපතිවරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන අතර සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දී ඇති බව සඳහන්.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ඇතුළු නිලධාරීන් සහ අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk