2026-09-20 21:52:00 Hours

පාසල් පැවැත්වීම සම්බන්ධ තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට


...

අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින දිස්ත්‍රික්කවල හෙට (21) දින පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේ, මේ බව අදාළ බලධාරින් වෙත දැනුම්දී ඇති බවයි.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය අධ්‍යාපන කලාපයේ හෙට (21) පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන් වෙත පවරා තිබෙනවා.

නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මෙම බලය විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් තම පාසල හෙට දිනයේ පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳව අදාළ විදුහල්පතිවරුන්ට තීරණය කළ හැකි බවයි වාර්තා වන්නේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk