2026-09-20 19:42:00 Hours
ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව එළඹෙන ඔක්තෝබර් මාසයේ ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු වුවත්, ජනතාවට සහනයක් ලබාදෙමින් එය පාලනය කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද (20) අකුරැස්සේ පැවති ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව ඉන්ධන මිල ගැළපීමේදී ලබන ඔක්තෝබර් 1 වැනිදා ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බවයි.
කෙසේ වෙතත්, එම මිල වැඩිවීමේ බලපෑම ජනතාව මත සම්පූර්ණයෙන් පැටවීම වෙනුවට සහනාධාරයක් ලබාදී එය පාලනය කිරීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
"ලෝක වෙළෙඳපොල අනුව එළැඹෙන ඔක්තෝබර් මාසයේ තෙල් මිල වැඩි කරන්න ඕනි. එහෙන් ගෙනල්ලා මිල ගලප්පලා බලපුවාම පළවෙනිදාට මිල වැඩිවෙන්න ඕනි.
හැබැයි අපි අපේක්ෂා කරනවා සහනාධාරයක් දීලා ඒක පාලනය කරන්න. ආණ්ඩු අන්න එහෙමයි. මරාලයක් කඩා වැටුණම මුළුමනින්ම ඒක ජනතාව පිට දාන්න බෑ.
ඒකට යම් උදව්වක් ආණ්ඩුව කරන්න ඕනි. හොඳ නැද්ද එහෙම"
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk