2026-09-19 14:54:00 Hours

බැසිල්ට ඉන්ටර්පෝල් නිල් වරෙන්තුවක්


...

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් විසින් නිල් වරෙන්තුවක් නිකුත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ විදෙස්ගතව සිටින බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සහ ඔහු සිටින ස්ථානය පිළිබඳ තොරතුරු සොයාගැනීම සඳහා මෙම ජාත්‍යන්තර මැදිහත්වීම සිදුකර ඇති බවයි.

මාතර බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයේ අක්කර 1.5ක ඉඩමක් රුපියල් මිලියන 60කට මිලදී ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට අදාළව ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය ජූලි මාසයේදී යළිත් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබුණා.

එමෙන්ම, 2014 වසරේ ඌව පළාත් සභා මැතිවරණ සමයේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් වැය කර ටී ෂර්ට් 12,000ක් මුද්‍රණය කර බෙදාහැරීම සම්බන්ධයෙන්ද බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව විමර්ශන සිදුකර තිබෙනවා.

මේ අතර, බැසිල් රාජපක්ෂ මෙරටට ගෙන්වා ගැනීම සඳහා අදාළ නීතිමය සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිටින බවද වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk