2026-09-20 18:22 Hours

සූර්ය බලශක්ති පාරිභෝගිකයින්ට අනුරගෙන් සුබ ආරංචියක්


...

වහල මත සවිකර ඇති සූර්ය පැනල මගින් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එක් කිරීම සඳහා පනවා ඇති සීමා ඉදිරියේදී ලිහිල් කිරීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.

මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ දිවා කාලයේදී සූර්ය විදුලි නිෂ්පාදනය ඇතැම් අවස්ථාවල විදුලි ඉල්ලුම ඉක්මවා යාම හේතුවෙන් මෙම සීමා පැනවීමට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, නව බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) හඳුන්වාදීමත් සමඟ දිවා කාලයේ නිෂ්පාදනය වන අතිරික්ත සූර්ය විදුලිය ගබඩා කර තබාගැනීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කළා.

ඒ අනුව ජාතික විදුලිබල පද්ධතියට තවදුරටත් සූර්ය විදුලිය එක් කිරීමට හැකියාව ලැබෙන බැවින්, විශේෂයෙන්ම ගෘහස්ථ වහල මත සූර්ය විදුලි පද්ධති සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම දිවා කාලයේ නිෂ්පාදනය වන සූර්ය විදුලිය බැටරිවල ගබඩා කර රාත්‍රී කාලයේ භාවිත කිරීමට ගෘහස්ථ පාරිභෝගිකයින්ට තමන්ගේම බැටරි පද්ධති සවිකර ගැනීමට අවස්ථාව ලබාදීම පිළිබඳවද රජයේ අවධානය යොමුව තිබෙනවා.

එවැනි බැටරි පද්ධති සඳහා සුදුසු ප්‍රමිතීන් හඳුන්වාදීම සහ පාරිභෝගිකයින් දිරිගැන්වීම සඳහා බදු සහන ලබාදීම සම්බන්ධයෙන්ද රජය සලකා බලමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk