2026-09-20 11:50:00 Hours
මහවැලි ගංගා ද්‍රෝණිය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහවැලි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.
ඒ අනුව පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
එම ප්‍රදේශවල පදිංචිකරුවන් මෙන්ම ඒ හරහා ගමන් ගන්නා රියැදුරන්ද දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
එමෙන්ම මහවැලි ගඟට ආසන්නව පදිංචි ජනතාව ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk