2026-08-02 19:21 Hours
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අදාළ පනත් කෙටුම්පත පිළිබඳව වන නීත්‍යානූකූල විවරණය අධිකරණ අමාත්‍යාංශය වෙත ලබාදී ඇති බවයි.
මේ අනුව අධිකරණ අමාත්‍යාංශය විසින් අදාළ පනත් කෙටුම්පත සකස් කර ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 2කින් දීර්ඝ කිරීම සඳහා වූ යෝජනාවක් පසුගියදා අධිකරණ අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.
පසුව එය කැබිනට් මණ්ඩලයේ දී අනුමත කරනු ලැබුවා.
මේ වන විට දිවයින පුරා අධිකරණවල නඩු ලක්ෂ 11කට අධික ගණනක් ගොඩගැසී ඇති බැවින් එම නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීමේ අරමුණින් මෙම තීන්දුව ගෙන ඇති බව ආණ්ඩුව සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk