2026-08-01 08:35:00 Hours
2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා.
ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය මෙරට වේලාවෙන් අද (01) උදෑසන තරඟය අවසන් වුණා.
එම තරඟයේ දී රුමේෂ් සිය දෙවන උත්සාහයේ දී මීටර් 89.75ක දුරක් විසි කරමින් මෙම සුවිශේෂී රන් පදක්කම මව්බිමට දිනා දුන්නා.
රුමේෂ්ගේ මෙම පදක්කම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව දිනාගත් 6 වන රන් පදක්කම ලෙස සැලකෙනවා.
2006 වසරේ දී බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන විදානගේ දිනූ රන් පදක්කමෙන් වසර 20කට පසු දිනූ එකම රන් පදක්කම ද මෙය වනවා.
තවද ඩන්කන් වයිට් 1950 වසරේ නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි පැවැති පිරිමි යාර 400 කඩුලු පැනීම ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමෙන් වසර 76කට පසු ශ්‍රී ලාංකිකයෙකු මෙම ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩාවෙන් දිනාගත් පළමු රන් පදක්කම ද මෙය වනවා.
තරඟයේ දී රුමේෂ්ට අභියෝගයක් විය හැකි යැයි අනුමාන කර තිබූ 2021 ඔලම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනූ නිරාජ් චෝප්රාට රිදී පදක්කම දිනාගැනීමට සමත් වුණා.
මීටර් 85.83ක දක්ෂතාවක් දැක්වූ ඔහු එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර, මීටර් 85.41ක දුරක් වාර්තා කළ ඉන්දියාවේ යෂ් වීර් සිංට ලෝකඩ පදක්කම හිමි වුණා.
මෙම රන් පදක්කමත් සමඟ මෙවර ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනාගෙන ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව දෙක දක්වා ඉහළ ගොස් ඇත.
මීට පෙර, පසුගිය බ්‍රහස්පතින්දා පැවති පැරා කවපෙත්ත විසිකිරීම (F42-44/F61-64) ඉසව්වේදී පාලිත බණ්ඩාර රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk