2026-08-02 14:27:00 Hours

රාගම ග්‍රාමසේවා වසම් 3කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට


...

මහර බන්ධනාගාරයේ ඊයේ (01) හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රාගම ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර තිබෙනවා.

ඒ අනුව 246/කැන්දලියද්ද පාළුව - බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව - උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහා ඊයේ වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණා.

කෙසේ වෙතත්, මහර බන්ධනාගාරයේ තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බැවින්, අදාළ ග්‍රාමසේවා වසම් තුන සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය මේ මොහොතේ සිට ඉවත් කිරීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk