2026-07-26 21:31:00 Hours
අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් අවසානයේ බිඳ වැටුණේ විපක්ෂ නායකවරයා කෙරෙහි විපක්ෂයේම පැවති විශ්වාසය බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
කටුගස්තොට ප්‍රදේශයේ පැවති මහජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අඩුම තරමින් විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය හෝ එම යෝජනාවට ලබාගැනීමට විපක්ෂ නායකවරයා අසමත් වූ බවයි.
විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීමෙන්, විපක්ෂ නායකවරයා කෙරෙහි ඔවුන්ට ද විශ්වාසයක් නොමැති බව පැහැදිලි වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඔහු සඳහන් කරන්නේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මීට පෙර ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සහ මෙවර යෝජනාව අතර පැහැදිලි වෙනසක් ඇති බවත් මෙය පටු දේශපාලන අරමුණක් මුදුන්පත් කර ගැනීම සඳහා ගෙන ආ යෝජනාවක් බවත්ය.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk