2026-07-27 09:21:00 Hours
අමෙරිකාව සිය ප්‍රහාර නතර කරන්නේ නම් තමන් ද ප්‍රහාර නතර කිරීමට කටයුතු කරන බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා ඇත්තේ ඉරානයේ ස්ථාවරය තවදුරටත් ප්‍රහාරයට ප්‍රහාරයක් යන්න බවයි.
මේ අනුව අමෙරිකානු ප්‍රහාර නතර කළහොත් ඉරානය ද සිය මෙහෙයුම් නතර කරන බවට වන පණිවුඩය දැනටමත් අමෙරිකාව වෙත දැනුම් දී ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.
මේ අතර අමෙරිකාව සිය බෝම්බ ප්‍රහාර මෙහෙයුම තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයන් ඉලක්ක අවසන් වෙමින් පවතින බවත්, අමෙරිකාවේ අවි සංචිත ක්ෂය වීම පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් ඔවුන් මෙම තීන්දුව ගෙන තිබෙනවා.
ඉරානයට එරෙහිව අමෙරිකාව අඛණ්ඩව රාත්‍රී 13ක් ගුවන් ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා සිට එම ප්‍රහාර මෙහෙයුම තාවකාලිකව අත්හිටුවා ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ සති අන්තයේ අමෙරිකානු ප්‍රහාර කිසිවක් වාර්තා නොමැති බවත් ඉරානය ද එම දින දෙක පුරා ප්‍රහාර එල්ල කර නොමැති බවත්ය.
මේ අතර එක්සත් ජනපදය සහ ඉරානය පවතින යුද ගැටුම් නැවැත්වීමෙන් පසු බොරතෙල් මිලෙහි අඩුවීමක් පෙන්නුම් කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ගණන් 5%කින් පහත වැටී ඇති බවයි.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 5.21%කින් පහළ ගොස් ඇති අතර එහි අමෙරිකානු ඩොලර් 84.66ක් ලෙස සටහන්ව තිබෙනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.92%කින් අඩුවී ඇත.
එහි මිල සටහන්ව ඇත්තේ අමෙරිකානු ඩොලර් 92.02කි.
ඊට අමතරව මර්බන් වර්ගයේ බොරතෙල් මිල ගණන්ද 9.44%කින් පහළ ගොස් ඇති අතර ඒ අනුව එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 97.05ක් ලෙසද සටහන් වී තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk