2026-07-22 15:55 Hours
අසාත්මිකතා (Allergy) පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ Allergy Avengers Run & Walk 2026 පාගමන සහ ධාවන තරගය පසුගිය ඉරිදා (19) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සාර්ථකව පැවැත්වුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා ආයතනය (IAI) විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා වෛද්‍යවරුන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, අසාත්මිකතාවලින් පීඩාවට පත් පුද්ගලයන් සහ විශාල ජනතාවක් පිරිසක් එක්ව සිටියා. ලෝක අසාත්මිකතා සංවිධානය (WAO) ප්‍රකාශයට පත් කළ "Allergy Care is Essential Care" යන තේමාවට සමගාමීව සංවිධානය කළ මෙම වැඩසටහන, අසාත්මිකතා පිළිබඳ සමාජයේ දැනුවත්භාවය වර්ධනය කිරීම සහ දරුණු අසාත්මික ප්‍රතික්‍රියාවක් වන ඇනෆිලැක්සිස් (Anaphylaxis) තත්ත්වය කල්තියා හඳුනාගැනීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගෙන පැවැත්වුණා ඇනෆිලැක්සිස් තත්ත්වයකදී ජීවිතය බේරාගැනීම සඳහා ඇඩ්‍රිනලින් ස්වයංක්‍රීය එන්නත (EpiPen) කෙතරම් අත්‍යවශ්‍යද යන්න පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා. මෙම Run & Walk වැඩසටහනෙන් ලැබුණු දායකත්වයන්, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ සංකල්පයක් වන Save A Life ව්‍යාපෘතිය සඳහා යොමු කෙරෙන අතර, එමඟින් EpiPen එන්නත මිලදී ගැනීමට ආර්ථික අපහසුතා ඇති රෝගීන්ට නොමිලේ එම එන්නත ලබාදීමට කටයුතු කෙරෙනවා. 2016 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් මේ වන විට රෝගීන් 2,000කට අධික පිරිසකට EpiPen ලබාදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට දායක වී ඇති බව සංවිධායකයෝ සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk