2026-08-02 20:24:00 Hours

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවය ගැන ඇමති හර්ෂණට සැකයක්


...

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව මීගමුවේ සිද්ධියට වඩා වෙනස් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මහර බන්ධනාගරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අද (2) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය කළ විමසමකදීයි.

මීගමුව ගැටුම රැඳවියන් සහ රැඳවියන් අතර ඇති වූ බවත් මහර සිදුවූයේ රැඳවියන් හා බන්ධනාගාර පරිපාලනය අතර බවත් ඔහු සඳහන් කරනවා.

මේ අතර අමාත්‍යවරයා කියා සිටින්නේ මෙලෙස බන්ධනාගාර තුළ නොසන්සුන්තා ඇති වීමට යම්කිසි පිරිසක් සංවිධානාත්මක අයුරෙන් පිටත සිට මෙහෙයවනවාද යන පිළිබඳව තමන්ට සැකයක් තිබෙන බවයි.

මීට පෙර හේතුවෙන් නොමැතිව මෙවැනි තත්ත්වයන් ඉස්මතු නොවූ බවත් ඒ හේතුවෙන් මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවද ඔහු පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ බන්ධනාගාර තුළ කලින් කලට නොසන්සුන් තත්ත්වයන් ඇතිවීමට බන්ධනාගාරවල පවතින තදබදය ද බලපාන සාධකයක් බවයි.

කෙසේ වෙතත්, එම ගැටලුව වත්මන් රජය බලයට පත්වීමට පෙර සිටම පැවති එකක් බව පෙන්වා දුන් ඔහු, මේ වන විට බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් සිටින බවද ප්‍රකාශ කළා.

එමෙන්ම, නොසන්සුන්තාව අතරතුර රැඳවියන් විසින් පොදු දේපොළවලට සිදු කළ හානිය සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ පිළිබඳ වෙනම විමර්ශනයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk