2026-07-30 08:43 Hours

මත්ද්‍රව්‍ය සමඟ උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට


...

දෙහිවල පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් ගංජා සහ විදෙස් රටවල නිෂ්පාදිත දුම්වැටි ද සොයාගෙන තිබෙනවා.

අදාළ සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අයෙක් බවට තොරතුරු අනාවරණය ඇති බව වාර්තා වනවා.

අදාළ උප පොලිස් පරීක්ෂකවරයා 26 හැවිරිදි වියේ පසු වන අතර සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk