2026-08-01 18:14:00 Hours
මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව පාලනය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබෙනවා.
රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර අද (01) පස්වරුවේ ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හටගෙන තිබුණා.
බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම නොසන්සුන්තාවය හේතුවෙන් රැඳවියන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
මේ වන විට තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේක බන්ධනාගාර නිලධාරීන් කැඳවා ඇති බව වාර්තා වනවා.
ඊට අමතරව බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව සඳහන්.
බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ රැඳවියන් විසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට හා විනය අංශයට ගිනි තබා ඇති බවයි.
ගින්න මැඩ පැවැත්වීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බව වාර්තා වනවා.
අද (01) පස්වරුවේ බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා ඥාතීන් මහර බන්ධනාගාරයට පැමිණිය ද ඔවුන්ට බන්ධනාගාරය තුළට යාමට අවසර හිමිව නැහැ.
මේ හේතුවෙන් ඥාතීන් මේ වන විට මහර බන්ධනාගාර ඉදිරිපිට රැඳී සිටින බව වාර්තා වනවා.
ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ බන්ධනාගාරය තුළින් වෙඩි හඬවල් කිහිපයක් ද ඇසුණු බවයි.
කෙසේ වෙතත් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන තෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk