2026-07-25 21:32:00 Hours
විභාග ප්‍රශ්න පත්‍ර හෙළිදරව්වීමේ සිද්ධිය මුල්කරගනිමින් දින ගණනාවක් පුරා ඉන්දියාව පුරා පැවති දැවැන්ත තරුණ විරෝධතා අවසන් කිරීමට විරෝධතා සංවිධායකයන් තීරණය කර තිබෙනවා. ඒ, ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (25) පස්වරුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කිරීමෙන් අනතුරුවයි. විරෝධතා මෙහෙයවූ "කොක්‍රෝච් ජනතා පක්ෂය" හෙවත් "කැරපොත්තා ජනතා පක්ෂය" ප්‍රකාශ කර ඇත්තේ, අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ඇතුළු තම ප්‍රධාන ඉල්ලීම්වලට රජය එකඟවීම හේතුවෙන් විරෝධතා අවසන් කරන බවයි. අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ඉල්ලා අස්වීම නිල X ගිණුම ඔස්සේ ද ප්‍රකාශයට පත් කර ඇති අතර, එය රජය සහ විරෝධතා පාර්ශ්වය අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි වටයේ සාකච්ඡාවලට පැය කිහිපයකට පෙර සිදුකර තිබෙනවා. නීට් (NEET) වෛද්‍ය ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර හෙළිදරව්වීම සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා මුල්කරගනිමින් ආරම්භ වූ මෙම විරෝධතා මසකට ආසන්න කාලයක් පුරා පැවති අතර, අපේක්ෂකයන් මිලියන 2.3කට එම සිද්ධියෙන් බලපෑම් එල්ල වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මානව හිමිකම් ක්‍රියාකාරී සෝනම් වන්චුක් පසුගිය ජූනි 28 වැනිදා උපවාසයක් ආරම්භ කළ අතර, ජූලි 18 වැනිදා "කොක්‍රෝච් ජනතා පක්ෂයේ" නායක අභිජීත් ඩීප්කේ ද ඊට එක්වීමත් සමඟ විරෝධතා රටපුරා ව්‍යාප්ත වුණා. පසුව නවදිල්ලියේ කොනොට් ප්ලේස්, ජන්තර් මන්තර්, පාර්ලිමේන්තුව සහ අග්‍රාමාත්‍ය නිල නිවස ආශ්‍රිතව දැවැන්ත විරෝධතා පැවැත්වුණු අතර, පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වලින් විශාල පිරිසක් තුවාල ලැබූ අතර 70 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. විරෝධතා උග්‍ර වීමත් සමඟ රජය සහ විරෝධතා පාර්ශ්වය අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණු අතර, එහිදී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම්වලට එකඟතාවකට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර, ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම පිළිගැනීමෙන් අනතුරුව, ආහාර සහ පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රලාද් ජෝෂි ඉන්දීය නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. ඉන්දීය ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයකින් එම පත්කිරීම නිල වශයෙන් තහවුරු කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk