2026-07-31 09:38:00 Hours
තාර නොමැති වීම හේතුවෙන් මාර්ග ඉදිකිරිමේ ව්යාපෘති රැසක් නතර කිරීමට සිදුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මුදල් කාරක සභාවට දැනුම් දී තිබෙනවා.
එම කාරක සභාවේ දී පාර්ලිමේන්තුවේ පසුගියදා පැවැති මේ බව හෙළිව ඇත.
එම නෞකාව ද මෙරටට ළඟා වී ඇත්තේ දින කිහිපයක් පැවති යුද විරාම කාලසීමාව තුළ බව ඔවුන් පෙන්වා දී ඇති බව සඳහන්.
ශ්රී ලංකාවේ කාලගුණික තත්ත්වයට ගැළපෙන තාර ආනයනය කරනු ලබන්නේ ඉරානයෙන් වන අතර, වත්මන් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් එම සැපයුමට බාධා එල්ල වී ඇති බව ද නිලධාරීන් සඳහන් කර තිබෙනවා.
දිට්වා ආපදාවෙන් මාර්ග කොටස් 549කට හානි වී තිබෙන බවත් එම මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 64.3ක් වෙන් කර තිබෙන බවත් සඳහන් කර ඇති නිලධාරීන් තාර ගැටළුව මත එම සංවර්ධන කටයුතු නතර වන බව ප්රකාශ ඇති බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk