2026-07-25 16:18:00 Hours

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි


...

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කර ඇති අතර, ඒ පිළිබඳ නිවේදනයක් ඔහු සිය නිල X ගිණුම ඔස්සේ ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වාර්තාවලට අනුව, "කොක්‍රෝච් ජනතා පක්ෂය" සහ ඉන්දීය මධ්‍යම රජය අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවන වටයේ සාකච්ඡාවලට පැය කිහිපයකට පෙර මෙම තීරණය ගෙන ඇත.

මසකට ආසන්න කාලයක් පුරා ඉන්දියාව තුළ පැවති තරුණ විරෝධතා මධ්‍යයේ අමාත්‍යවරයා මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

තරුණ ප්‍රජාව නියෝජනය කරන "කැරපොත්තා ජනතා පක්ෂය" සිය විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන ඉල්ලීමක් ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් විය යුතු බව ප්‍රකාශ කර තිබුණා.

නීට් (NEET) වෛද්‍ය ප්‍රවේශ විභාගයේ සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මෙම විරෝධතා ආරම්භ වීමට මූලික හේතුව වූ අතර, එහි ප්‍රධාන වගකීම ධර්මේන්ද්‍ර ප්‍රධාන් අමාත්‍යවරයා වෙත එල්ල වී තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk