2026-07-21 12:58 Hours
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෙටිදුර ධාවන ශූරයා සහ දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා ලෙස සැලකෙන යුපුන් අබේකෝන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ දීර්ඝ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, රට වෙනුවෙන් ජයග්‍රහණ රැසක් හිමිකර දීමට හැකිවීම තම ජීවිතයේ විශාලතම අභිමානය බවයි.
"රට දැයට ණය නැතිව, ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි" යනුවෙන් සිය සටහන ආරම්භ කළ යුපුන් අබේකෝන්, දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා බවට පත්වීම තමන්ගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේම ජයග්‍රහණයක් බව තේරුම් ගත්තේ තත්පර 10ට අඩු කාලයකින් මීටර් 100 ඉසව්ව නිම කළ දිනෙන් පසුව බව සඳහන් කළා.
තම ක්‍රීඩා දිවිය පුරාවට සහය ලබාදුන් රසිකයන්, දෙමාපියන්, පවුලේ සාමාජිකයන්, මිතුරන්, පුහුණුකරුවන්, යුද හමුදාව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, ඉතාලියේ පුහුණු කණ්ඩායම, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශ්ව මෙන්ම අනුග්‍රාහකයන් වෙත ද ඔහු සිය කෘතඥතාව පළ කර තිබෙනවා.
සිය තීරණය පිළිබඳව අදහස් දක්වමින් යුපුන් අබේකෝන් සඳහන් කරන්නේ, තවදුරටත් ක්‍රීඩා කිරීමේ හැකියාව තිබියදීත් ක්‍රීඩාවෙන් සමුගැනීම පහසු තීරණයක් නොවූ බවයි.
කෙසේ වෙතත්, එම තීරණය ගැනීමට බලපෑ හේතු සහ ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රීඩා පද්ධතිය පිළිබඳව ඉදිරියේදී වැඩිදුරටත් හෙළි කරන බව ද ඔහු සිය සටහනෙන් ප්‍රකාශ කර තිබෙනවා.
සිය පණිවිඩය අවසන් කරමින් ඔහු, ශ්‍රී ලංකාව නියෝජනය කරන නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝකය ජය ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කර ඇති අතර, "ශ්‍රී ලංකා මාතාවට ජය වේවා" යනුවෙන් සිය සමුගැනීමේ පණිවිඩය අවසන් කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk