2026-07-24 09:22:00 Hours
ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 17කින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 10%ක බදු ප්‍රතිශතයක් පනවා ඇති බව සඳහන්.
ආර්ජන්ටිනාව, බංග්ලාදේශය, කාම්බෝජය, කැනඩාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ග්වාතමාලාව, හොන්ඩුරාස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජෝර්දානය, මැලේසියාව, මෙක්සිකෝව, පාකිස්තානය, එක්සත් රාජධානිය සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ මෙම බදු ප්‍රතිශතයට අයත් වනවා.
තවද යුරෝපීය සංගමයෙන් හෝ තායිවානයෙන් ආනයනය භාණ්ඩ සඳහා ද මෙම ප්‍රතිශතය අදාළ වනු ඇති.
මේ අතර ඇල්ජීරියාව, ඇන්ගෝලාව; ඔස්ට්‍රේලියාව, බහමාස්, බහරේන්, බ්‍රසීලය, චිලී, චීනය, කොලොම්බියාව, කොස්ටාරිකාව, ඩොමිනිකන් ජනරජය, ඊජිප්තුව, ගයනාව, හොංකොං,ඉරාකය, ඊශ්‍රායලය, ජපානය, කසකස්තානය, කුවේට්, ලිබියාව, මොරොක්කෝව, නවසීලන්තය, නිකරගුවාව, නයිජීරියාව, නෝර්වේ, ඕමානය, පේරු, පිලිපීනය, කටාර්, රුසියාව, සෞදි අරාබිය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උරුගුවේ, වෙනිසියුලාව සහ වියට්නාමය යන රටවලට 12.5%ක බදු ප්‍රතිපත්තියක් ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා.
අදාළ රටවල් තුළ බලහත්කාරයෙන් ශ්‍රමය භාවිතයෙන් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සහ ඒ පිළිබඳව දක්වන ලිහිල් ප්‍රතිපත්තිය බව මෙම නව බදු පැනවීමට මුලිකම හේතුව ලෙස සඳහන්.
අමෙරිකානු අධිකරණ තීන්දුවකට අනුව ඉකුත් පෙබරවාරි මසදී ට්‍රම්ප් බදු ප්‍රතිපත්තිය අත්හිටුවන නියෝගයක් ලබාදී තිබුණා.
ඒ හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට අවසර හිමිව තිබුණේ දින 150ක් දක්වා පමණි.
මේ අනුව අදාළ කාලසීමාව අවසන්වීමට නියමිත බැවින් මෙම නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk