2026-07-14 09:59:00 Hours

නිදහස් චතුරස්‍රයේ ගෝඨා හදපු ඇවිදින මංතීරු අබලන් වෙලා - කඩිනමින් පිළිසකර කරන්න - හර්ෂ ද සිල්වා


...

කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි ඇවිදින මංතිරුව දැඩි ලෙස අබලන් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරනවා.

මහජනතාවට අනතුරුදායක තත්තවයක පවතින බවත් එය කඩිනමින් පිළිසකර කරන ලෙසත් මන්ත්‍රීවරයා සිය සටහනෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරියගෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටිනවා.

මීට වසර 15කට පමණ පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලය තුළ ඉදි කරන ලද මෙම ඇවිදින මංතිරුව උදෑසන කාලයේ ව්‍යායාම්වල නිරත වන විශාල පිරිසකගේ ආරක්ෂණයක් දිනාගත් ස්ථානයක් බවද ඒ මහතා සිය X සටහනෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

“මීට වසර 15කට පමණ පෙර ගෝඨාභය රාජපක්ෂ නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුවක් ඉදිකළ දා සිට, මා ඇතුළු බොහෝ දෙනෙක් එහි නිතිපතා ඇවිදීමට හුරුවූහ. විශාල පිරිසක් එම උදෑසන ඇවිදීමෙන් සතුටක් ලබති. මනාව නඩත්තු කරන ලද මංතීරුවක, සාමකාමී මෙන්ම ප්‍රබෝධමත් ඇවිදීමකට පසු… සමහරවිට කොළකැඳ වීදුරුවක රස බැලීමටද ඔවුන් අමතක නොකරති…

එහෙත් ඇත්තටම, මෙම ඇවිදින මංතීරුව මෙතරම් අබලන් තත්ත්වයකට පත්ව ඇති අයුරු මම මීට පෙර කිසි දිනෙක දැක නැත. මෙහි මතුවී ඇති ගල් කැට සහ උල් වූ කොටස් ඇවිදින්නන්ට, විශේෂයෙන්ම වයෝවෘද්ධ අයට දැඩි අනතුරකි. මංතීරුව අලුත්වැඩියා කිරීම සඳහා ගෙනෙන ලද පස් මාස ගණනාවක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන එලෙසම පවතී.

නගරාධිපතිනි ව්‍රායි සහ නාගරික සංවර්ධන අධිකාරිය, යමෙකු බරපතල ලෙස තුවාල ලැබීමට පෙර මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න. ස්තූතියි.”



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk