2026-07-25 22:00 Hours
Update
බෙල්ලන්විල ප්‍රදේශයේ අද (25) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර, පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය සඳහන් කළා.
වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් ක්‍රියාත්මකයි.
----------------------------------------------------------------------------------------------
බෙල්ලන්විල ප්‍රදේශයේදී අද (25) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ බෙල්ලන්විල ප්‍රදේශයේ අවන්හලක හිමිකරුවෙකු බව පොලීසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් ආරම්භ කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk