2026-07-17 10:29:00 Hours

LPL ඇරඹෙන දිනයේ Jaffna Kings හිමිකරුවෙකු අත්අඩංගුවට


...

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 ක්‍රිකට් තරගාවලිය අද (17) ආරම්භ වීමට නියමිතව තිබියදී, Jaffna Kings කණ්ඩායමේ හිමිකරුවෙකු තරග පාවාදීමේ (Match-fixing) චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළව සිදුව ඇති බව කියන දූෂණ සහ තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක පුළුල් විමර්ශනයක කොටසක් ලෙස, Jaffna Kings කණ්ඩායමේ හිමිකරුවෙකු වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ LPL 2026 තරගාවලිය නිල වශයෙන් ආරම්භ වන දිනයේ වීම විශේෂත්වයක්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk