2026-07-26 17:08 Hours
මෙරට දෙමළ භාෂාව කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස දෙමළ කතාකරන දේශපාලන පක්ෂ හයක් ඒකාබද්ධ ඉල්ලීමක් කර තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ හමුවකින් අනතුරුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර, ඊට ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC), සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය (ACMC), ලංකා කම්කරු කොංග්‍රසය (CWC), දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) සහ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) යන පක්ෂ එක්ව තිබෙනවා.
අදාළ පක්ෂ සිය අනන්‍ය දේශපාලන ප්‍රතිපත්ති වෙන වෙනම පවත්වාගෙන යමින්, දෙමළ කතාකරන ජනතාවගේ අයිතිවාසිකම්, ඉඩම් ගැටලු, පළාත් සභා මැතිවරණය ඇතුළු ජාතික වැදගත්කමක් ඇති පොදු කරුණු සම්බන්ධයෙන් ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟ වී ඇති බව සඳහන්.
ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව ද හමුවී එම කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට අදාළ පක්ෂ නියෝජිතයන් සැලසුම් කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk