2026-01-16 16:01 Hours
අපි සියලුදෙනාම ආදරයෙන් මතක් කරන, වසර 20ක් ගතවුවද අදටත් ජනප්‍රියත්වය අඩු නොවූ බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘Kabhi Khushi Kabhie Gham’ (K3G) හි දෙවැනි කොටසක් නිර්මාණය වීමට නියමිත බවට බොලිවුඩ් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
ශාරුක් ඛාන්, කාජෝල්, රිතික් රෝෂන් සහ කරීනා කපූර් එකම තිරයක දකින්න ලැබුණු එම අසමසම සිනමා අත්දැකීම නැවතත් ප්‍රේක්ෂකයන් වෙත රැගෙන එන්න කරන් ජොහාර් සූදානම් වන බවයි සඳහන් වෙන්නේ.
කරන් ජොහාර්ගේ නවතම චිත්‍රපටය වූ ‘Rocky Aur Rani Kii Prem Kahaani’ හි සාර්ථකත්වයෙන් පසු, ඔහු නැවතත් තමන්ගේ ප්‍රසිද්ධ Family Drama ශෛලියට පිවිසීමට සූදානම් වී ඇති බව Pinkvilla වාර්තා කරයි. එම වාර්තාවලට අනුව ‘K3G 2’ සඳහා පිටපත (Script) මේ වනවිට අවසන් කර ඇති බව වාර්තා වනවා.
මෙම චිත්‍රපටය කරන් ජොහාර්ගේ සිනමා දිවියේ දැවැන්තම වියදමක් දරන නිර්මාණයක් වීමට නියමිත බවත්, පරණ ආදරණීය නළු නළියන් සමඟ අලුත් පරම්පරාවේ රංගන ශිල්පීන් ද එකට එක්වනු ඇති බවටත් රාවයක් පවතිනවා.
විශේෂ කරුණක් වන්නේ, ශාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් මෙම චිත්‍රපටය හරහා සිනමාවට පිවිසීමට ඉඩ ඇති බවට පැතිර යන ආරංචියයි.
එසේම අමිතාබ් බච්චන් ඇතුළු මුළු කණ්ඩායමම නැවතත් ‘Raichand Family’ ලෙස එකට එක්වුණහොත්, එය බොලිවුඩ් සිනමා ඉතිහාසයේ විශාල පෙරළියක් වනු ඇති බව විචාරකයන් සඳහන් කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk