2026-07-26 15:06:00 Hours
මෙරටට ආනයනය කළ වාහන 1,025ක් පමණ මේ වන විටත් හම්බන්තොට වරායෙන් නිදහස් කරගෙන නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, එම වාහන අතරින් 625ක් මෙරටට ගෙන්වා මාස හයකට අධික කාලයක් ගතව ඇති බවයි.
එම වාහනවල කිසිදු රේගු වරදක් නොමැති බවත්, නීතියට අනුව ආනයනය කළ භාණ්ඩ මාසයක් ඇතුළත අදාළ බදු ගෙවා නිදහස් කරගත යුතු බවත් ඔහු පැවසුවා.
ඒ අනුව, කිසිදු රේගු වරදක් නොමැතිව මෙතෙක් නිදහස් කරගෙන නොමැති වාහන රේගු ආඥා පනතේ 109 වන වගන්තිය ප්‍රකාරව ඉදිරියේදී වෙන්දේසි කිරීම හෝ ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.
රේගුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සාධාරණ හේතුවක් මත වාහන නිදහස් කරගැනීමට නොහැකි වූ බව ආනයනකරුවෙකු දැනුම් දෙන්නේ නම්, ඒ පිළිබඳ සලකා බැලීමේ හැකියාවක් පවතින බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk