2026-07-21 22:21:00 Hours

කුසල් මෙන්ඩිස්ට LPLහි ඉතිරි තරග අහිමිවෙයි


...

කලම්බු කැප්ස් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ (Hamstring) ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි සියලු තරග සඳහා ඔහුට සහභාගි වීමට නොහැකි වන බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කළා.

කුසල් මෙන්ඩිස්ගේ ආබාධය කලම්බු කැප්ස් කණ්ඩායමට සැලකිය යුතු පාඩුවක් වන අතර, ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk