2026-07-03 08:48 Hours
අත්අඩංගුවට පසුවන හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට ලබාදී ඇති සැප පහසුකම් ගැන ඇසු විට තමන්ටත් සිරගත වීමට සිතෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, සිනමා නළු ජගත් මනුවර්ණ මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ තලාතුඔය කර්චෝබ්‍රිජ් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු නිරීක්ෂණය සඳහා ඊයේ (02) එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
“දැන් ලංකාවේ දූෂණ වංචාවලට ගෑවිච්ච සියලු දෙනා සලිත වෙලා ඉන්නෙ. ඒක ජනතාවගෙත් අපේක්ෂාව. මොකද මේ යුක්තියේ යුගය. විශේෂයෙන්ම මේ සුරෙෂ් සලේ වගේ කෙනෙක්ගේ බිරිඳට සහ ඔහුගේ දරුවන්ට පවුලේ හිතවතුන්ට කියන්න ඕනෙ, සුරේෂ් සලේ වගේ කෙනෙක්ව බේරාගන්න ඕනෙ අපෙන් නෙවෙයි රාජපක්ෂලාගෙන්.
ඔහුව පරෙස්සම් කරගන්න ඕනෙ උදය ගම්මන්පිලලාගෙන්. ඔහුව පරෙස්සම් කරගන්න ඕනෙ විමල් වීරවංශලාගෙන්, සරත් වීරසේකරලාගෙන්. මොකද ඔහුට තර්ජන තියෙන්නෙ ඔවුන්ගෙන්.
අපේ ආනන්ද විජේපාල මහජන ආරක්ෂක ඇමතිතුමා ඔහුට ලබාදීලා තියෙන සැප පහසුකම් ගැන කිව්වා. සිරගත වෙන්න හිතෙනවා ඒ දෙන සැප පහසුකම් බැලුවාම.
ගැලවිච්ච දත් පවා දාලා දීලා තියෙනවා. දැන් ඔහු නහයෙන් කන්නෙ නැතිව කටින් කනවා කියලා තීරණය කරලා තියෙනවා, ඉතාම හොඳයි. සහ අර අදාළ මුරපද ලබාදෙන්න”
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk