2026-07-18 13:16:00 Hours

ඉරානයේ ඉලක්ක වෙත අමෙරිකාවෙන් දැඩි ප්‍රහාර


...

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඉරානය සහ අමෙරිකාව දකුණු ඉරානයේ නගර රැසකට ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

ඉරානය චෝදනා කරන්නේ එම ප්‍රහාර අතරතුර සිවිල් වැසියන් ජීවත්වන ස්ථාන ඉලක්ක වී ඇති බවයි.

ප්‍රහාරවලින් හෝර්මෝස්ගන් කලාපයේ පාලම් 5ක් පමණ විනාශ වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

තවද දකුණු ඉරානයේ විදුලි සැපයුම් මධ්‍යස්ථානයක් ද ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.

දැනට උද්ගතව ඇති අවදානම සලකා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන මෙන් ඉරාන රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අමෙරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේ ඉරානයේ පාලම් සහ විදුලි සැපයුම් ඉලක්ක කරගෙන ලබන සතියේ සිට දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk