2026-07-25 13:28:00 Hours
නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ධනුෂ්කොඩි වෙත පැමිණි ශ්‍රී ලාංකික ජාතිකයින් දෙදෙනෙක් ඉන්දීය වෙරළ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
30 සහ 31 යන වයස් කාණ්ඩවල පසුවන එම පුද්ගලයින් දෙදෙනා වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව මේ වන විට තොරතුරු වාර්තා වනවා.
ද හින්දු පුවත්පත් වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය බ්‍රහස්පතින්දා දින වත්තල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට මොවුන් සම්බන්ධදැයි මෙරට බලධාරින් සැක පළ කරන බවයි.
තවද ඔවුන් දෙදෙනාට එරෙහිව ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනක් ද ගොනු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙරට බලධාරීන් විසින් ඔවුන්ව භාරදෙන ලෙස ඉල්ලා සිටින බවත් සැකකරුවන් මේ වන විට තිරුචි මධ්‍යම බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති විශේෂ කඳවුරට රැගෙන ගොස් ඇති බවත්ය.
සතියක් ඇතුළත ඔවුන් ශ්‍රී ලංකාවට ආපසු යැවීමට අපේක්ෂා කරන බවද වැඩිදුරටත් සඳහන් වනවා.
මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය 23 වනදා පේසාලේ ප්‍රදේශයේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා ගොස් ඇති අතර ඔවුන් ඊයේ (24) අලුයම 4ට පමණ ධනුෂ්කෝඩි වෙරළට පැමිණ තිබෙනවා.
අදාළ බෝට්ටු ගමන සඳහා ලක්ෂ තුනක මුදලක් ලබාදී ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk